sri lanka law college entrance exam past papers (2014)


1. ප්රථම ශ්රී ලාංකික අගවිනිසුරුවරයා කවුද? ආතර් විජේවර්ධන
2. ශ්රි ලංකාවේ උතුරේ සිට දකුණටත් ,බටහිර සිට නැගෙනහිරටත් ඇති උපරිම දුර ප්රමාණ කිලෝමීටර්වලින් ? - උතුරේ සිට දකුණට කි.මී. 433 (සැතපුම් 269) බටහිර සිට නැගෙනහිරට කි.මී. 226 (සැතපුම් 140)
3. ශ්රි ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව පළමුවරට ශ්රි ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවකට ඇතුළත් කරන ලද්දෙ කුමන වර්ෂයේ දී ? 1972
4. වත්මන් ශ්රී ලංකාවේ වන ආවරණ ප්රතිශතය -
5. භාෂා ගැටලු විසදීම සදහා ඇමතිය යුතු ක්ෂණික දුරකථන අංකය - 1956
6. ශ්රි ලංකා ආණ්ඩු ක්රම ව්යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පිහිටුවනු ලැබූ පළාත් සභාවක මහ ඇමතිවරයා හැර පත් කරනු ලබන සෙසු ඇමතිවරු සංඛ්යාව කීය ? 4
7. ශ්රී ලංකාවේ මිනිරන් ,පොස්පේට් .හුනුගල් සහ ඉල්මනයිට් නිධි පිහිටා ඇති ස්ථානයක් බැගින් අනුපිළිවෙළින් දක්වා ඇත්තේ?
1.කහටගහ,එප්පාවල,මන්නාරම,පුල්මුඩේ 2. කහටගහ,මන්නාරම,එප්පාවල,පුල්මුඩේ 3.කහටගහ,එප්පාවල, පුල්මුඩේ,මන්නාරම 4.එප්පාවල,කහටගහ,මන්නාරම,පුල්මුඩේ - පිළිතුර -1
8. ශ්රි ලංකාවේ කම්කරු ව්යාපාරයේ පුරෝගාමී නායකයා කවරෙක් ? . ගුණසිංහ
9. ශ්රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු සම්බන්ධයෙන් බ්රිතාන් රාජාධිකරණය (PRIVY COUNCIL) වෙත අභියාචනා කිරීමට චූදිතයන්ට ලබා දී තිබූ ඉඩ ප්රස්ථා අවලංගු කරන ලද්දෙ කුමන වර්ෂයේ දී ? 1972
10. මින් නොගැලපෙන යුගලය කුමක් ? (1.ටී.බී.ජයා - අධ්යාපනය, 2.පොන්නම්බලම් රාමනාදන් - දේශපාලනය, 3.. ඇන් .එස් කුලසිංහ-නීතිය, 4.පී.ආර්, අන්තෝනිස් - වෛද් විද්යාව) -පිළිතුර -3
11. බ්රිතාන්යයන් විසින් වර්ෂ 1800 දී මෙරට පිහිටුවන ලද ප්රථම රජයේ දෙපාර්තමේන්තුව කුමක් ? මිනින්දෝරු දෙපාර්තමේන්තුව
12. ශ්රි ලංකාවේ මහා මාර්ග වැඩිම සංඛ්යාවක් ඉදි කරන ලද්දෙ මින් කුමන බ්රිතාන් ආණ්ඩුකාරවරයාගේ පාලන සමය තුල දී ? එඩ්වඩ් බාන්ස්
13. තේසවලාම් නීතිය මෙරට වලංගු නීතියක් වශයෙන් සංග්රහ ගත කරන ලද්දේ කවුරුන් විසින් ? ලන්දේසි
14. ශ්රි ලංකාවේ තනන ලද ප්රථම වැව කුමක් ? අභය වැව
15. 1978 ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්රම ව්යවස්ථාව සම්බන්ධයෙන් සාවද් ප්රකාශය මින් කුමක් ?
1.පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කරගනු ලබන යෝජනාවක් (resolution) මගින් ආණ්ඩු ක්රම ව්යවස්ථාවේ ඇතුළත් විධිවිධාන සංශෝධනය කළ හැකි වේ..
2.අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම පිණිස උපරිමාධිකරණ (superior Court) විනිශ්චයකාරවරුන් ධූරයෙන් පහ කිරීම ආණ්ඩු ක්රම ව්යවස්ථාව මගින් දැඩි ලෙස සීමා කොට ඇත.
3.පාර්ලිමේන්තු කොමසාරිස් ( ඔම්බුඩ්ස්මන්) තනතුර මෙරටට ප්රථම වරට හදුන්වා දෙන ලද්දෙ 1978 ආණ්ඩු ක්රම ව්යවස්ථාව මගිනි.
4.ආණ්ඩු ක්රම ව්යවස්ථාව සදහා සිදු කරන ලද නවතම සංශෝධනය 18 වන ආණ්ඩු ක්රම ව්යවස්ථා සංශෝධනයි. පිළිතුර -1
16. ශ්රි ලංකාව ජනරජයක් බවට පත් වූ වර්ෂය කුමක් ? 1972
17. අලුතින් රබර් වගා කිරීම සදහා තෝරා ගෙන ඇති සාම්ප්රදායිකව රබර් වගා නොකෙරෙන දිස්ත්රික්කය කුමක් ? මොණරාගල
18. ‘‘ලෝකයේ ඔබ දකින්නට කැමති වෙනස්කම්වලට අනුව ඔබ වෙනස් විය යුතු වේ‘‘ (You must be the change you wish to see in the world) නැමැති සුප්රසිද්ධ ප්රකාශය කරන ලද්දේ කවුරුන් ? මහත්මා ගාන්ධි
19. සමාජයේ සෑම ක්ෂේත්රයක් තුළම තොරතුරු තාක්ෂණය ව්යාප්තව ඇති ආසියානු රට මින් කුමක් ?
20. වර්තමාන බටහිර මූල් රටාවට විකල්පයක් වශයෙන් නව බැංකුවක් පිහිටුවීම සදහා පියවර ගෙන ඇති කලාපීය සංවිධානය කුමක් ? බ්රික්ස්
21. ලෝකයේ විශිෂ්ටතම නිර්මාණයක් වූ ‘‘ නිදහසේ ප්රතිමාව‘‘ පිහිටුවා ඇත්තේ කුමන නගරයේ ? නිවියෝර්ක්
22. ශ්රි ලාංකීය පුරවැසියන්ගේ සාමකාමීව රැස්වීමේ නිදහස තහවුරු කරනු ලැබ ඇත්තේ 1978 ශ්රි ලංකා ආණ්ඩු ක්රම ව්යවස්ථාවේ කුමන වගන්නියෙන් ? 14 (1) ()
23. 2015 මුල් භාගයේ දී ලංකාවට පැමිණීමට නියමිත වර්තමාන ශුද්ධෝත්තම පළමුවන ෆ්රැන්සිස් පාප් වහන්සේ කුමන ජාතිකයෙක් ? ආර්ජන්ටිනාව
24. ශ්රි ලංකා මුදලින් වැඩිම විනිමය අගයක් ඇත්තේ පහත සදහන් මුදල් ඒකක අතුරින් කුමන ඒකකයට ? බාත් - පෙසෝ - රිංගිට්- ක්යට් = රිංගිට්
25. මෑතක සිට අන්තර්ජාල භාවිතය පාලනයකට යටත් කොට ඇති රට කුමක් ?
26. මිනිස් සිරුරේ රුධිරය කැටි ගැසීම වැළැක්වීම සදහා උපකාරී වන විටමින් වර්ගය කුමක් ? විටමින් K
27. වත්මන් කියුබාවේ සමාජවාදී ප්රතිපත්ති වලට ඉතා සමීප ප්රති පත්ති වැඩි වශයෙන්ම අනුගමනය කරනු ලබන දකුණු ඇමරිකානු රට කුමන් ? වෙනිසියුලාව
28. ඉලෙක්ට්රෝන විද්යාවේ විප්ලවයක් සිදු කළ ට්රාන්සිස්ටරය නිපද වන ලද පරික්ෂණාගාරය මින් කුමක් ? Bell lab
29. ෂයිලොක් (Shylock) නැමැති චරිතය නිරූපණය වන්නේ විලියම් ෂේක්ස්පියර්ගේ කුමන නාට්යයේ ? වැනීසියේ වෙළෙන්දා
30. පසුගිය දා අවසාන වූ ලෝක පාපන්දු කුසලානා (2014) තරගාවලියට සහභාගී වූ ජාතික පාපන්දු කණ්ඩායම් ගණන කීය ? 32
31. ශ්රී ලංකාවේ ජාතික සමගිය ස්ථාපිත කිරීම සදහා පිහිටුවා ඇති අමාත්යාංශය කුමක් ? ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්යාංශය.
32. බන්ධනාගාර රැදවියන් සදහා වටරැක පිහිටුවන ලද පාසලේ නම කුමක් ? සුවිනීත විද්යාලය
33. ශ්රි ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දියුණු කිරීම සම්බන්ධයෙන් වන වගකීම පැවරී ඇති නියෝජිතායතනය කුමක් ?( ICTA) ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය
34. සානු මහද්වීපය (Plateau continent ) නම්න් හදුන්වනු ලබන මහද්වීපය කුමක් ? අප්රිකානු මහද්වීපය
35. නැනෝ මීටරය මීටරයකින් කීයෙන් පංගුවක් ? 1 nanometer = 1.0× 10-9 meters
36. බටහිර වෛද්යවරයෙකු විසින් ස්වකීය වෘත්තියට ඇතුළත්වීමේ දී කරනු ලබන දිවුරුම හදුන් වන්නේ කුමන නමකින් ? හිපොක්රටිස් දිව්රුම
37. ශ්රි ලාංකික දරුවෙකු, දරුකමට හදාවඩා ගැනීමට සහ භාරකාරත්වය ලබා ගැනීමට ඉල්ලුම් කරනු ලබන තැනැත්තෙකු විසින් සපුරා තිබිය යුතු අවම වයස අවුරුදු කීය ? 25
38. එක්සත් ජාතීන්ගේ මුහුද පිළිබද නීතිය සදහා වූ සම්මුතිය සම්පාදනය කිරීමට දායක වූ ශ්රි ලාංකිකයා කවරෙක් ? ආර් බී අමරසිංහ
39. ධ්වනි තීව්රතාව මැනීම සදහා භාවිත කරනු ලබන ජාත්යන්තර සම්මත ඒකකය කුමක් ? ඩෙසිබල්
40. ශ්රි ලංකාවේ සිතියම ප්රථමයෙන් අදින ලද පැරණි ග්රීක සිතියම් ශිල්පියා කවුද ? ක්ලෝඩියස් ටොලමි
41. ශ්රි ලංකාවේ පාර්ලිමේන්තු පනතක් ප්රකාරව සංස්ථාපනය කරනු ලබන ආයතනයකට හෝ කොමිසමකට එරෙහිව එම පනතේ විධිවිධානයන්ට අනුකූලව රීට් ආඥාවක් නිකුත් කිරීමේ විශේෂ බලය හිමිවන්නෙ කුමන අධිකරණයකට ?
42. කම්කරු ආරවුල් සමථකයකට පත් කිරීම සදහා පිහිටුවනු ලබන කම්කරු විනිශ්චය සභාවක සභාපතිවරයා පත් කරනු ලබන්නේ කවුරුන් විසින් ? ජනාධිපතිවරයා
43. විදේශිකයන් සදහා ශ්රී ලංකා රජය මගින් පිරි නමන උසස් ගෞරව නාමය කුමක් ?
44. වර්ෂ හැටකට පසුව නැවත වතාවක් මරණිය දණ්ඩනය ක්රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන දකුණු ආසියාතික රට කුමක් ?
45. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිශේධ බලය (Veto power) හිමි රටවල් සංඛ්යාව කීයද? 5
46. ඔරිගම් කලාව කුමන රටකට අදාළ කලාවක් ? ජපානය
47. ‘‘පාතර් පංචාලි‘‘ නැමැති සුප්රසිද්ධ ඉන්දීය චිත්රපටය නිෂ්පාදනය කරන ලද්දේ කවරෙකු විසින් ? සත්යජිත් රායි
48. වර්ෂ 2014 පොදු රාජ් මණ්ඩලීය ක්රීඩා උළෙල පවත්වන ලද්දේ කුමන නගරයේ ? ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ (Glasgow, Scotland)
49. ජාත්යන්තර අධිකරණය පිහිටුවා ඇත්තේ කුමන නගරයේ ? නෙදර්ලන්තයේ හේග්
50. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් විශ්ව මානව අයිතිවාසිකම් දිනය වශයෙන් ප්රකාශයට පත් කොට ඇත්තේ කවදා ? දෙසැම්බර් 10

(  පැවති විභාගයෙන් පසුව විවිධ පුද්ගලයන් විසින් ෆේස්බුක් ගෘප්වලට එකතු කර තිබූ ප්‍රශ්න ඇසුරින් සකස් කරතිබේ  වෙනස්කම් පැවැතිය හැකියි )

Advertisement 



Subscribe to receive free email updates:

0 Response to "sri lanka law college entrance exam past papers (2014)"

Post a Comment